රාජ්‍ය නිලධරයන්හට විවිධ හේතු කාරණා මත විදේශ ගතවීමට සිදුවන අවස්ථා ඇත. එහිදී යම් නිලධරයෙක් විදේශ ගත වීමට පෙර ඔහු/ඇය විසින් විදේශ නිවාඩු අනුමත කරන බලධරයා මගින් නිවාඩු අනුමත කරගෙන තිබිය යුතුය. එලෙස විදේශ නිවාඩු අනුමත නොකරගෙන විදෙස්ගත වුවහොත් ඔහු/ඇය සේවය හැර ගියා සේ සලකනු ලබයි.
මෙලෙස යම් නිලධරයෙක් විදෙස්ගත වන්නේ නම් ඔහුගේ/ඇයගේ අවශ්‍යතාවයන්ට අනුව, නිවාඩු අවශ්‍ය කාලය සීමාව අනුව සහ ඔහුගේ/ඇයගේ තනතුරු අනුව ද විදේශ නිවාඩු අනුමත කර ගැනීම සඳහා විධිවිධාන ආයතන සංග්‍රහයේ සඳහන් කර ඇත.
ආයතන සංග්‍රහය අනුව විදේශ නිවාඩු අනුමත කරගැනීමේදී ඔබ විසින් ද ඇතැම් සුදුසුකම් සපුරා තිබීම අවශ්‍යය.
ඔබගේ විදේශ නිවාඩුවේ අවශ්‍යතාවය පහත එකක් විය හැකිය.
01. සංචාරයක් සඳහා (මාස තුනකට නොවැඩි (කෙටි කාලීන)
02. රැකියාවක් සඳහා (අවුරුදු තුනක්/පහක් (දීර්ඝ කාලීන)
03. අධ්‍යයනයක් සඳහා (අවුරුදු තුනක්)
04. අධ්‍යයනය සහ රැකියාවක් සඳහා (අවුරුදු තුනක්/පහක්)
05. වෛද්‍ය ප්‍රතිකාර සඳහා (කෙටිකාලීන හෝ දිර්ඝ කාලීන)
ඔබගේ තනතුර පහත එකක් විය හැකිය.
01. මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයෙකු
02. සංවර්ධන නිලධාරී සේවයේ නිලධරයෙකු
03. කළමනාකරණ සේවා නිලධරයෙකු
04. ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධරයෙකු
05. අනධ්‍යයන සේවක සේවයේ අයෙකු
06. වෙනත්.
ඔබ විදේශ නිවාඩු ඉල්ලන අවස්ථාව වන විට ඔබගේ තනතුරේ ස්වභාවය නිවාඩු ලබා දීම සඳහා බලපානු ඇත.
එය පහත අවස්ථාවක් විය හැකිය.
01. පරිවාස කාලය තුළ
02. පරිවාස කාලයෙන් පසු සේවය ස්ථිර කර ඇති
03. විද්‍යාපීඨ පත්වීම් ලාභියෙකු වීම.
i. සේවා ගිවිසුම් කාලය තුළ
ii. සේවා ගිවිසුම් කාලය සම්පූර්ණ වූ පසු.
විද්‍යාපීඨ පත්වීම් ලද නිලධරයෙකු විදේශ නිවාඩු ලබා ගැනීමේ දී ඔහු/ඇය විසින් සේවා ගිවිසුමක් අත්සන් කර ඇති බැවින් එම සේවා ගිවිසුම ප්‍රකාරව සේවය කර ඇතිදැයි විමසා බලනු ලබයි. මෙහිදී ගිවිසුම ප්‍රකාරව වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්නම් නිවාඩු ඉල්ලීමට බාධාවක් නැත.
නමුත් ගිවිසුම් ගත කාලය සම්පූර්ණ නොකළ නිලධරයෙකු විදේශ නිවාඩු ලබා ගැනීමට නම් ගිවිසුම් ගත වූ මුදල නැවත රජයට ගෙවීමට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස සේවා ගිවිසුම වසර 5කට රුපියල් ලක්ෂ 5ක් නම් නිවාඩු ඉල්ලන අවස්ථාව වන විට වසර 3ක් සේවය කර ඇත්නම් ඔබට රුපියල් ලක්ෂ 2ක් රජයට ගෙවීමට සිදුවනු ඇත.
විද්‍යාපීඨ පත්වීම් ලාභියෙකු හට වෛද්‍ය හේතූන් මත විදේශ ගත වීමට ඉහත කාරණය අදාළ නොවේ.
ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිවාඩු ලබා ගැනීමේදී පොදුවේ දැනගත යුතු විශේෂ කරුණු.
01. මෙම විධිවිධාන අනුව නිවාඩු අනුමත කිරීම සඳහා ඔබ විදේශගත වීමට හේතු වන කාරණය සනාථ කිරීම සඳහා ලිපියක් ඉදිරිපත් කිරිම අවශ්‍යය.
උදාහරණ
- රැකියාවක් සඳහා නම් රැකියාවට බඳවා ගන්නා බවට හෝ රැකියාව සඳහා ඔබව තෝරා ගත් බවට ලිපියක් ඔබට රැකියාව දෙන විදේශ ආයතනයෙන් ඉදිරිපත් කිරිම අවශ්‍ය වේ.
- අධ්‍යයනයකට නම් ඔබ අධ්‍යයනය සඳහා තෝරාගත් බවට ලිපියක් හෝ අදාළ Admission එක ඉදිරිපත් කල යුතුය.
- වෛද්‍ය ප්‍රතිකාර සඳහා නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධරයෙකු නියම කර ඇති වෛද්‍ය වාර්තා ආදිය ඉදිරිපත් කළ යුතුය
- සංචාරයක් සඳහා නම් එවැනි ලිපියක් අවශ්‍ය නොවේ.
02. ඔබ විදේශගත වන කාලය තුළ ඔබගේ රාජකාරී ආවරණය සඳහා කෙනෙකු නම් කල යුතුය.
03. දීර්ඝ කාලීන රැකියා සඳහා විදේශගත වන්නේනම් ඔබ 10 පරිශිෂ්ටය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග ගිවිසුම් ගත විය යුතුය.
04. අධ්‍යයනයක් සහ රැකියාවක් යන දෙකම සඳහා විදේශ ගතවන්නේ නම් 11 පරිශිෂ්ටය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග ගිවිසුම් ගත විය යුතුය.
05. අධ්‍යයනයක් සඳහා විදේශ ගතවන්නේ නම් 9 පරිශිෂ්ටය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග ගිවිසුම් ගත විය යුතුය.
06. විදේශ නිවාඩු ඉල්ලන අවස්ථාව වන විට රජයට අයවීම් ඇත්නම් ඒවා ගෙවිය යුතුය.
07. විදේශ ගත වීමට බලාපොරොත්තු වන දිනට සති 6කට පෙර අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ කර කලාප කාර්යාලයට බාරදීමට කටයුතු කල යුතුය.
ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ නිවාඩු සම්බන්ධව සඳහන් වන අතර එහි විදේශ නිවාඩු සම්බන්ධව පහත වගන්ති වල සඳහන් කර ඇත.
01. විදේශ අධ්‍යයන සහ/හෝ රැකියා සඳහා වැටුප් රහිත නිවාඩු - 16 වගන්තිය.
02. දිවයිනෙන් බැහැර ගතකරන නිවාඩු - 23 වගන්තිය
03. ගුරුවරුන් සඳහා නිවාඩු - 24 වගන්තිය
මීට අමතරව තවත් විදේශ ගතවීම සම්බන්ධව වගන්ති මෙම පරිච්ඡේදයේ සඳහන් වන අතර බහුලව විදේශ ගත වීමට ඉල්ලුම් කරන සංචාර සඳහා විදේශ නිවාඩු ඉල්ලීම සහ රැකියා සඳහා විදේශ නිවාඩු ඉල්ලීම යන කරුණු පිළිබඳව මෙම ලිපියෙන් මූලික අවධානය යොමු කරනු ලබයි.
ආයතන සංග්‍රහය DOWNLOAD කරන්න මෙතන ක්ලික් කරන්න
විදේශ නිවාඩු ඉල්ලීම සඳහා අවශ්‍ය වන ලේඛන
සංචාරයක් සඳහා (කෙටි කාලීන) විදේශ නිවාඩු ඉල්ලීම සඳහා
01. ඉල්ලීම් ලිපිය හා ගමන් වියදම් දරණ ආකාරය
ජාතික පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න.
පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න
02. පොදු 126 මෙතනින් බාගත කරගන්න
- මෙහි පොදු 126 ආකෘතිය A3 කොලයක දෙපැත්තේ මුද්‍රණය කරගත යුතු හෝ ගබඩාවෙන් ලබාගත යුතුය. (A4 කොල වල මුද්‍රිත පොදු 126 ආකෘති භාරගනු නොලැබේ)
03. 16 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
04. ආකෘති අංක 55 මෙතනින් බාගත කරගන්න
05. රාජකාරී ආවරණ ලිපිය ආකෘතිය මෙතනින් බාගත කරගන්න
06. ජාතික හැඳුනුම්පතේ පිටපත්
07. විදේශ ගමන් බලපත්‍රයේ පිටපත්
08. නිවාඩු වාර්තා (මේ වර්ෂයේ සහ පෙර වර්ෂයේ)
09. සේවය ස්ථිර කිරීමේ ලිපියේ පිටපත් / සේවය ස්ථිර නොමැති නම් පත්වීම් ලිපියේ සහතික කල පිටපත්
10. වීසා සහතිකය හෝ වීසා ලැබුණු පසු ඉදිරිපත් කරන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න
11. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න
විදුහල්පති අත්සන් කල යුතු ලේඛන වලට අමතරව පොදු 126 සහ 16 පරිශිෂ්ටයේ අයදුම්කරුගේ අත්සනට යටින් විදුහල්පති අත්සන් කර නිල මුද්‍රාව තබා තිබිය යුතුය.
විදේශ නිවාඩු අයදුම්පත් ඉහත අංක පිළිවෙළට එක් ලේඛනයකින් එක් පිටපත බැගින් තබමින් ජාතික පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 3ක්ද පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 4ක්ද සකස්කර කලාප කාර්යාලයේ ගුරු ආයතන/සාමාන්‍ය පාලන අංශයට බාරදිය යුතුය.
රැකියාවක් සඳහා (දීර්ඝ කාලීන) විදේශ නිවාඩු ඉල්ලීම
ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16.1.1 වගන්තිය අනුව විදේශ රැකියා සඳහා නිවාඩු ලබාගැනීමට හැකියාව පවතින්නේ සේවය ස්ථිර වූ නිලධාරීන් හට පමණි.
විශ්‍රාම වැටුපට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විදේශ රැකියා සඳහා නිවාඩු ලබාගැනීම සම්බන්ධව නව චක්‍රලේඛයක් නිකුත්ව ඇති අතර එම රා.ප.ච. 14/2022 චක්‍රලේඛය ප්‍රකාරව නිවාඩු ලබා ගන්නේ කෙසේද යන්න දැනගැනීමට මෙතනින් බලන්න.
01. ඉල්ලීම් ලිපිය හා ගමන් වියදම් දරණ ආකාරය
ජාතික පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න
පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න
02. පොදු 126 මෙතනින් බාගත කරගන්න
මෙහි පොදු 126 ආකෘතිය A3 කොලයක දෙපැත්තේ මුද්‍රණය කරගත යුතු හෝ ගබඩාවෙන් ලබාගත යුතුය. (A4 කොල වල මුද්‍රිත පොදු 126 ආකෘති භාරගනු නොලැබේ)
03. 16 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
05. 10 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
03. 16 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
04. ආකෘති අංක 55 මෙතනින් බාගත කරගන්න
05. 10 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
06. රාජකාරී ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න
07. ජාතික හැඳුනුම්පතේ පිටපත්
08. විදේශ ගමන් බලපත්‍රයේ පිටපත්
09. නිවාඩු වාර්තා (මේ වර්ෂයේ සහ පෙර වර්ෂයේ)
10. සේවය ස්ථිර කිරීමේ ලිපිය පිටපත්
11. රැකියාවට බඳවා ගන්නා බවට ලිපියක්
12. වීසා සහතිකය හෝ වීසා ලැබුණු පසු ඉදිරිපත් කරන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.
13. රා.ප.ච. 14/2022, 14/2022(I), 14/2022(II), 14/2022(III) පිළිබඳව දැනුවත් වූ බව මෙතනින් බාගත කරගන්න.
රා.ප.ච. 14/2022
රා.ප.ච. 14/2022(I)
රා.ප.ච. 14/2022(II)
රා.ප.ච. 14/2022(III)
14. ඔබගේ වැටුප බැරවෙන බැංකුවෙන් ණය බැඳියාවක් නොමැති බවට ලිපියක් හෝ ණය ලබාගෙන ඇත්නම් විදේශ ගතවී ණය වාරික ගෙවීමට විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක් ගත යුතුය.
15. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.
විදුහල්පති අත්සන් කල යුතු ලේඛන වලට අමතරව පොදු 126 සහ 16 පරිශිෂ්ටයේ අයදුම්කරුගේ අත්සනට යටින් විදුහල්පති අත්සන් කර නිල මුද්‍රාව තබා තිබිය යුතුය.
විදේශ නිවාඩු අයදුම්පත් ඉහත අංක පිළිවෙළට එක් ලේඛනයකින් එක් පිටපත බැගින් තබමින් ජාතික පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 3ක්ද පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 4ක්ද සකස්කර කලාප කාර්යාලයේ ගුරු ආයතන/සාමාන්‍ය පාලන අංශයට බාරදිය යුතුය.
විදේශ අධ්‍යයනයක් සඳහා විදේශ නිවාඩු ඉල්ලීම
ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16.1.1 වගන්තිය අනුව වසර තුනක විදේශ අධ්‍යයන නිවාඩු හා රැකියාව සඳහා සම්පූර්ණ විදේශ නිවාඩුවේ කාලය වසර 5ක් දක්වා ගත හැකිය. මෙහිදී ඔබේ රැකියාවට අදාළ අධ්‍යයනයක් විය යුතුය.
01. ඉල්ලීම් ලිපිය හා ගමන් වියදම් දරණ ආකාරය
ජාතික පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න
පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න
02. පොදු 126 මෙතනින් බාගත කරගන්න
මෙහි පොදු 126 ආකෘතිය A3 කොලයක දෙපැත්තේ මුද්‍රණය කරගත යුතු හෝ ගබඩාවෙන් ලබාගත යුතුය. (A4 කොල වල මුද්‍රිත පොදු 126 ආකෘති භාරගනු නොලැබේ)
03. 16 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
04. ආකෘති අංක 55 මෙතනින් බාගත කරගන්න
05. 09 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
06. රාජකාරී ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න
07. ජාතික හැඳුනුම්පතේ පිටපත්
08. විදේශ ගමන් බලපත්‍රයේ පිටපත්
09. නිවාඩු වාර්තා (මේ වර්ෂයේ සහ පෙර වර්ෂයේ)
10. සේවය ස්ථිර කිරීමේ ලිපිය පිටපත්, සේවය ස්ථිර වී නොමැති නම් පත්වීම් ලිපියේ පිටපත්
11. අධ්‍යනය සඳහා බඳවා ගන්නා/තෝරා ගන්නා බවට ලිපියක් හෝ Admission එකෙහි පිටපත්
12. වීසා සහතිකය හෝ වීසා ලැබුණු පසු ඉදිරිපත් කරන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.
13. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න
විදුහල්පති අත්සන් කල යුතු ලේඛන වලට අමතරව පොදු 126 සහ 16 පරිශිෂ්ටයේ අයදුම් කරුගේ අත්සනට යටින් විදුහල්පති අත්සන් කර නිල මුද්‍රාව තබා තිබිය යුතුය.
විදේශ නිවාඩු අයදුම්පත් ඉහත අංක පිළිවෙළට එක් ලේඛනයකින් එක් පිටපත බැගින් තබමින් ජාතික පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 3ක්ද පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 4ක්ද සකස්කර කලාප කාර්යාලයේ ගුරු ආයතන/සාමාන්‍ය පාලන අංශයට බාරදිය යුතුය.
විදේශ අධ්‍යයනයක් හා රැකියාවක් සඳහා විදේශ නිවාඩු ඉල්ලීම
ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16.1.1 වගන්තිය අනුව පරිවාස කාලයේ සිටින නිලධාරීන් සඳහා වුවද වසර තුනක විදේශ අධ්‍යයන නිවාඩු ලබාගත හැකිය. මෙහිදී ඔබේ රැකියාවට අදාළ අධ්‍යයනයක් විය යුතුය.
01. ඉල්ලීම් ලිපිය හා ගමන් වියදම් දරණ ආකාරය
ජාතික පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න
පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා මෙතනින් බාගත කරගන්න
02. පොදු 126 මෙතනින් බාගත කරගන්න
මෙහි පොදු 126 ආකෘතිය A3 කොලයක දෙපැත්තේ මුද්‍රණය කරගත යුතු හෝ ගබඩාවෙන් ලබාගත යුතුය. (A4 කොල වල මුද්‍රිත පොදු 126 ආකෘති භාරගනු නොලැබේ)
03. 16 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
04. ආකෘති අංක 55 මෙතනින් බාගත කරගන්න
05. 11 පරිශිෂ්ටය මෙතනින් බාගත කරගන්න
06. රාජකාරී ආවරණ ලිපිය මෙතනින් බාගත කරගන්න
07. ජාතික හැඳුනුම්පතේ පිටපත්
08. විදේශ ගමන් බලපත්‍රයේ පිටපත්
09. නිවාඩු වාර්තා (මේ වර්ෂයේ සහ පෙර වර්ෂයේ)
10. සේවය ස්ථිර කිරීමේ ලිපිය පිටපත්, සේවය ස්ථිර වී නොමැති නම් පත්වීම් ලිපියේ පිටපත්
11. අධ්‍යයනය සඳහා බඳවා ගන්නා/රැකියාව සඳහා තෝරා ගන්නා බවට ලිපියක් හෝ Admission එකෙහි පිටපත්
12. වීසා සහතිකය හෝ වීසා ලැබුණු පසු ඉදිරිපත් කරන බවට ලිපිය මෙතනින් බාගත කරගන්න.
13. රා.ප.ච. 14/2022, 14/2022(I), 14/2022(II), 14/2022(III) පිළිබඳව දැනුවත් වූ බව මෙතනින් බාගත කරගන්න.
රා.ප.ච. 14/2022
රා.ප.ච. 14/2022(I)
රා.ප.ච. 14/2022(II)
රා.ප.ච. 14/2022(III)
14. විනය විගණන හා රජයට අයවීම් නොමැති බවට ලිපිය මෙතනින් බාගත කරගන්න
විදුහල්පති අත්සන් කල යුතු ලේඛන වලට අමතරව පොදු 126 සහ 16 පරිශිෂ්ටයේ අයදුම්කරුගේ අත්සනට යටින් විදුහල්පති අත්සන් කර නිල මුද්‍රාව තබා තිබිය යුතුය.
විදේශ නිවාඩු අයදුම්පත් ඉහත අංක පිළිවෙළට එක් ලේඛනයකින් එක් පිටපත බැගින් තබමින් ජාතික පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 3ක්ද පළාත් සභා පාසල් නිලධාරීන් සඳහා අයදුම්පත් කට්ටල 4ක්ද සකස්කර කලාප කාර්යාලයේ ගුරු ආයතන/සාමාන්‍ය පාලන අංශයට බාරදිය යුතුය.
ඉහත අයදුම්පත්‍ර හා ආකෘති පුරවන ආකාරය පහත දක්වා ඇත. එම නිදර්ශන බලා ඔබේ තොරතුරු නිවැරදිව පුරවන්න.
I. පොදු 126 ආකෘතිය පුරවන ආකාරය මෙතනින් බලන්න.
II. 16 වන පරිශිෂ්ටය පුරවන ආකාරය මෙතනින් බලන්න.
III. ආකෘති අංක 55 පුරවන ආකාරය මෙතනින් බලන්න.
IV. 09 පරිශිෂ්ටය පුරවන ආකාරය මෙතනින් බලන්න.
V. 10 පරිශිෂ්ටය පුරවන ආකාරය මෙතනින් බලන්න.
VI. 11 පරිශිෂ්ටය පුරවන ආකාරය මෙතනින් බලන්න
VII. රාජකාරී ආවරණ ලිපිය පුරවන ආකාරය මෙතනින් බලන්න.
මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස්/යෝජනා/චෝදනා සහ ගැටළු Comment ලෙස දක්වන්න. ගැටළු වලට පිළිතුරු හැකි විගස යොමු කිරීමට අප විසින් කටයුතු කරන්නෙමු.