පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව වසර 03 ට පෙර
සම්පූර්ණ කර තිබූවහොත් 2 - II ශ්‍රේණියට පත්කරනු
ලැබේ. 7.2.6.6. (1)
- වසර 03 ට පෙර අධ්‍යාපනවේදී උපාධිය ලබා ගත් විටද 2 - II
ශ්‍රේණියට පත් කළ හැක.
- පළමු පත්වීමේ දී ද අධ්‍යාපනවේදී
උපාධිධාරීහු 2 - II ශ්‍රේණියට
පත් කරනු ලැබේ.
2 - I ශ්‍රේණියට උසස් කිරීම .
- ගුරු පුහුණුව ලබා සිටින ගුරු භවතුන් සේවා කාලය මත වසර 09ක් සම්පූර්ණ වීම මත 2 - I ශ්‍රේණියට උසස්වීම ලබයි. 10:3:1
v
උපාධි ගුරුවරයෙක් වෙනත් කිසිදු සුදුසුකම් සම්පූර්ණ කිරීමක් සිදු නොකරයි නම් සේවා කාලය මත වසර 09 ක්
සම්පූර්ණ වීම මත ශ්‍රේණියට උසස් වීම ලබයි. 10:3:1
v සුදුසුකම් සම්පූර්ණ වීම 2 - I ට මත උසස්වීම් ලබා දීම.
අධ්‍යාපනවේදී
උපාධිය මත 2 – II පත්කිරීම/ පශ්චාත් උපාධිය මත 2 - II පත්කිරීම/ ගුරු
පුහුණුව හා උපාධිය මත 2 - II පත් කිරීම සිදුකළ අය වසර 07 ක් සම්පූර්ණ වීම මත 2
– I ශ්‍රේණියට
උසස් වීම ලබා දෙයි.
පුහුණු
ගුරුවරුන් අවුරුදු 07 ඇතුළත පශ්චාත් උපාධි
ඩිප්ලෝමාව සම්පූර්ණ කළ විට 2 – I ශ්‍රේණියට උසස් වීම අවුරුදු 07 න් ලබා දේ.
උපාධිය සහ
පශ්චාත් උපාධිය මත 2 - II ශ්‍රේණියට
පත්කළ/ අධ්‍යාපනවේදී උපාධිය මත 2 - II ට පත්වීම් ලද ගුරුභවතුන් අවුරුදු 05 ක් ඇතුළත පශ්චාත්
අධ්‍යාපනපති උපාධිය සම්පූර්ණ කළහොත් 2 – I ශ්‍රේණියට
අවුරුදු 05 න් උසස්වීම ලබා දේ.
උපාධි ගුරුවරුන්
අවුරුදු 05 ක් තුළ පශ්චාත් අධ්‍යාපන උපාධිය හා අධ්‍යාපනයේදී උපාධිය ලබා ගතහොත්
අවුරුදු 05 න් 2 - I ශ්‍රේණියට උසස් වීම
ලබාදේ.
I ශ්‍රේණියට උසස්වීම ලබාදීම. (10:4:1)
2 - I ශ්‍රේණියට පත් කරනු හෝ උසස් වීම් ලද ගුරුභවතුන්
සේවා කාලය අවුරුදු 6 ක් සම්පූර්ණ කළ පසු I පන්තියට
උසස් කරනු ලැබේ.
0 Post a Comment:
Post a Comment