ශ්‍රී ලංකා නව ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රතිෂ්ඨාපනය කිරීම


ශ්‍රී ලංකා ගුරු සේවයට බදවාගනු ලබන සියලුම ගුරුවරුන් 2008.07.01 වන දින  සිට ක්‍රියාත්මක වන   ගුරු සේවා  ව්‍යවස්ථාව අනුව ශ්‍රේණි උසස්වීම් සදහා  කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුයි.

 3-I (අ)(ආ)(ඇ)  සිට 2-II ශ්‍රේණියට උසස්වීම

  •  උපාධිධාරී ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 කින් 2-II ශ්‍රේණියට උසස්විය යුතුය.
  •  විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 5 කින්  2-II ශ්‍රේණියට උසස් විය යුතුය.
    • 3-I (ඇ) ශ්‍රේණියේ පත්වීම් ලද ඩිප්ලෝමාධාරී ( HND වැනි ) ගුරුභවතුන් 2-II උසස් වීම සඳහා උපාධිය  හෝ ගුරු පුහුණුව අනිවාර්ය වේ.

  ඉහත ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 ක් ඉක්ම යාමට පෙර 1කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුය.

#මොඩියුල1 සිට 7 දක්වා හැදෑරීම අවශ්‍ය ය.

පළමු කාර්යක්ෂමතා කඩඉම මොඩියුල 01-07

මොඩියුල 01 - ආයතන සංග්‍රහයේ  ගුරුවරයෙකුට අදාළ මූලික කරුණු හා රාජ්‍ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණු හා මුදල් රෙගුලාසිවල සරල කරුණු (සවිස්තරව විෂය අන්තර්ගතව සකස් කෙරේ)

මොඩියුල 02 - ගුරු ආචාර ධර්ම

මොඩියුල 03 - පන්ති කාමර කළමණාකරණය හා සිසුන් හඳුනා ගැනීම

මොඩියුල 04 - ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම (ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුළුව)

මොඩියුල 05 - දින සටහන් සති සටහන් වාර සටහන් හා පාඩම් සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම

මොඩියුල 06 - ඵලදායීතා හා තත්ත්ව ශිල්ප ක්‍රම

මොඩියුල 07 - අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය


  2-IIසිට 2-Iශ්‍රේණියට උසස්වීම

   2-II සිට 2-I ශ්‍රේණියට උසස්වීම ගුරුවරයා ලබාගෙන ඇති අධ්‍යාපන සුදුසුකම් හෝ ගුරු පුහුණු මත උසස් වීමට සුදුසුකම් ලබන වසර ගණන වෙනස් වේ.

ඒ අනුව පහත සඳහන් සුදුසුකම් ලැබු ගුරු භවතුන් වසර 09කින් 2-I ශ්‍රේණියට උසස්විය හැකිය.

  • විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් 
  • ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන්
  • ඩිප්ලෝමාධාරී ( HND වැනි ) ගුරුවරුන්
  • උපාධිධාරී ගුරුවරුන්

  එසේම පහත සුදුසුකම් ලැබූ ගුරුභවතුන්ට වසර 07කින් 2-I ශ්‍රේණියට උසස් වීම් ලැබීමට සුදුසුකම් ලබයි.

  •  උපාධිය ලැබු  පුහුණු ගුරුවරුන් (විද්‍යා පීඨ හෝ  ගුරු පුහුණු )
  • උපාධිය  සමග පශ්චාත්  උපාධි අධ්‍යාපන  ඩිප්ලෝමා සමත්  ගුරුවරුන්
  • අධ්‍යාපනවේදී  උපාධි ගුරුවරුන් 

  එසේ නැතහොත් පහත සුදුසුකම් මත ඍජුවම ගුරු සේවයට බඳවාගත් ගුරු භවතුන් වසර 05 කින් 2-I ශ්‍රේණියට උසස් වීම් ලද හැකිය.

  • ප්‍රථම උපාධිය  සමඟ පශ්චාත්  උපාධි අධ්‍යාපන  ඩිප්ලෝමා සමත් ගුරුවරුන්
  • පශ්චාත් උපාධිය සමඟ ගුරු  පුහුණුව ලැබූ ගුරුවරුන් 

 ඉහත  සියඑ ගුරුවරුන්    2-I ශ්‍රේණිට  උසස්වීම් ලැබූ  දින සිට වසර 4 ක් ඉක්ම යාමට පෙර 2 කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය .

මොඩියුල 8 සිට 14දක්වා හැදෑරීම අවශ්‍ය ය.

දෙවන කාර්යක්ෂමතා කඩයිම මොඩියුල 08-14

මොඩියුල 08 - අධ්‍යාපනයට සම්බන්ධ අණ පනත් හා අධ්‍යාපන ඉතිහාසය

මොඩියුල 09 - ව්‍යවහාරික ඉංග්‍රීසි

මොඩියුල 10 - විෂය සමගාමී ක්‍රියාකාරකම් හා පාසල් ව්‍යාපෘති

මොඩියුල 11 - කාර්යාල ක්‍රම හා අනෙකුත් ආයතන සමග සන්නිවේදන සබඳතා පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ කළමනාකරණ තීරණ ගැනීම

මොඩියුල 12 - ළමා සෞඛ්‍ය හා පෝෂණය

මොඩියුල 13 - ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන දැනුම

මොඩියුල 14 - මනෝවිද්‍යා උපදේශනය


2 පන්තිය II ශ්‍රේණියට සෘජුව බඳවාගත් ගුරුවරුන් සඳහා පළමු කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය 

මොඩියුල 01 - ආයතන සංග්‍රහයේ  ගුරුවරයෙකුට අදාළ මූලික කරුණු හා රාජ්‍ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණු හා මුදල් රෙගුලාසිවල සරල කරුණු (සවිස්තරව විෂය අන්තර්ගතව සකස් කෙරේ) සහ ගුරු ආචාර ධර්ම

මොඩියුල 02 - ඵලදායීතා හා තත්ත්ව ශිල්ප ක්‍රම

මොඩියුල 03 - අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය, පන්ති කාමර කළමණාකරණය හා සිසුන් හඳුනා ගැනීම

මොඩියුල 04 - ව්‍යවහාරික ඉංග්‍රීසි

මොඩියුල 05 - දින සටහන් සති සටහන් වාර සටහන් හා පාඩම් සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම

මොඩියුල 06 - ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම (ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුළුව)

මොඩියුල 07 - කාර්යාල ක්‍රම හා අනෙකුත් ආයතන සමග සන්නිවේදන සබඳතා පැවැත්වීමේදී අනුගදනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ කළමනාකරණ තීරණ ගැනීම


2-I සිට  1 පන්තියට උසස්වීම

ඕනෑම වර්ගයක ගුරුවරුන් 2-I ශ්‍රේණියේ සිට වසර 6 ක සේවා කාලය සම්පූර්ණ  කළ පසු 1 ශ්‍රේණියට  උසස්  විය යුතුය.

එම ගුරුවරුන් තුන්වන III කාර්යක්ෂමතා කඩඉම 2- I ශ්‍රේණියට පත් වී වසර 4 ඉක්ම යාමට පෙර සම්පූර්ණ කළ යුතුය

 #මොඩියුල අංක 15 සිට 20 දක්වා මොඩියුල  6 හැදෑරීම අවශ්‍ය ය.

තෙවන කාර්යක්ෂමතා කඩඉම මොඩියුල 15-20

 මොඩියුල 15 - අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පවතින සංවිධාන ව්‍යූහය, ඒ සඳහා සබඳතා පැවැත්වීම,උසස් අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය

මොඩියුල 16 - පර්යේෂණ ඇගයීම් හා පර්යේෂණ ක්‍රම

මොඩියුල 17 - අන්තර්පුද්ගල සබඳතා හා ආකල්ප කුසලතා සංවර්ධනය

මොඩියුල 18 - මානව සම්පත් කළමනාකරණය

මොඩියුල 19 - නොවිදිමත් අධ්‍යාපනය හා මෘදු කුසලතා

මොඩියුල 20 - කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය

මොඩියුල හැදෑරීම සඳහා ඔබ කුමක් කළ යුතු ද?

  • පළාත පුරා විසිරි ඇති ගුරු මධ්‍යස්ථාන හරහා මෙම කාර්යක්ෂමතාවයට අදාල මොඩියුල ක්‍රියාත්මක කෙරේ.
  • සෑම  මොඩියුලයක්ම දින තුනක් සහ සැසි පහක් වශයෙන් පැවැත්වෙයි .
  • එක් එක් මොඩියුලය අවසානයේ ඇගයීමක් සිදුකරයි
  • එක් එක් මොඩියුලය සදහා    සහතික පත්‍රයක් බැගින් හිමිවේ .
  • එම සහතික පත්‍ර 7 ම එක් කරගත් පසු කාර්යක්ෂමතා කඩඉම සමත් බවට ඔබට එක් සහතික පත්‍රයක්  අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දෙනු ලැබේ.
  • එම සහතික පත්‍ර ගුරු මධ්‍යස්ථානවලට ලැබුණු පසුව ඔබට ලබා දෙනු ඇත
  • කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සඳහා ඔබගේ කලාපයට අයත් ගුරු මධ්‍යස්ථානයට ඔබගේ තොරතුරු ලබා දී එහි ලියාපදිංචි වන්න.
  • ඉන්  පසු  ගුරු මධ්‍යස්ථානයේ  කැඳවීම් මත කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සඳහා සහභාගි විය හැක.
  • කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සඳහා ඔබ ලියාපදිංචි විය යුත්තේ ඔබේ කලාපයට අයත් ගුරු මධ්‍යස්ථානයේ බව කාරුණිකව සලකන්න .
  • කලාප කාර්යාලවල මෙම ලියා පදිංචි කිරීම්හා පුහුණු කටයුතු සිදු නොකෙරෙනු ඇත.
  • ගුරු මධ්‍යස්ථානයේ  ලියාපදිංචි වී නැත්නම් මොඩියුල   සඳහා ඔබට කැඳවීමක්  නොකෙරෙනු ඇත .
  • කලාප කාර්යාලය මගින් කැද වන තෙක් බලා නොසිට ගුරු මධ්‍යස්ථානයකට යන්න.කලාප කාර්යාල මේ සඳහා ඔබ කැඳවන්නේ නැත.
  • 2022. 10. 22 වන දින දක්වා ගුරු සේවයේ උසස්වීම් ලැබීමට නියමිත ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම සමත් වීම අවශ්‍ය නොවනු ඇත.
  • නමුත් ,
  • 2021.10.23 න් පසු ශ්‍රේණි උසස්වීම් ලැබීමට නියමිත ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම සමත් වීමට සිදුවනු ඇත.
  • එබැවින් ඔබගේ ගුරු මධ්‍යස්ථානයට ඔබේ  තොරතුරු නොපමාව ලබාදෙන්න .
  • මොඩියුල හැදෑරීම සඳහා නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර  ඔබට අදාළ ගුරු මධ්‍යස්ථානයෙන් කැඳවීමක් ලැබෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛ අංක 35/2014

මෙතනින් බලන්න_ 

·        
         අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛ අංක 35/2014(1) පළමුවන සංශෝධනය

මෙතනින් බලන්න_


‍2008.07.01 දින සිට ක්‍රියාත්මක වේ.

එදිනට ලබමින් සිටි ශ්‍රේණියට අනුව පහත පරිදි ශ්‍රී ලංකා නව ගුරු සේවා ව්‍යවස්ථාව යටතේ අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න.

පිරික්සුම් ලැයිස්තුව මෙතනින් බාගත කරගන්න.




  

0 Post a Comment:

Post a Comment