ගුරු සේවයේ උසස්වීම්


01. 2008.07.01 සිට ක්‍රියාත්මක නව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වේ.

      පළමු සංශෝධනය

      දෙවන සංශෝධනය

02. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උසස්වීම් ලැබීමට කාර්යක්ෂමතා කඩයිම් සමත්විය යුතුය (මොඩියුල)


  3-1 (), (), () සිට 2-II ශ්‍රේණියට උසස්වීම.

1.     උපාධිධාරී ගුරුවරු

    • වසර 03කින් 2-II ශ්‍රේණියට උසස් විය හැකිය.

2.     විද්‍යාපීඨ/පුහුණු ගුරුවරු - 3-I (ආ)

    • වසර 05 කින් 2-II ශ්‍රේණියට උසස් විය හැකිය.
3.     3-I (ඇ) ශ්‍රේණියට පත්වීම් ලද (HND වැනි) ඩිප්ලෝමාධාරී ගුරුවරු
    • ගුරු පුහුණුව මත 3-I (ආ) ශ්‍රේණියට උසස් විය හැකිය
    • උපාධිය මත 3-I (අ) ශ්‍රේණියට උසස් විය හැකිය
    • අධ්‍යාපන වේදී උපාධිය මත 2-II  ශ්‍රේණියට උසස් විය හැකිය
ඉහත ගුරුවරුන් පත්වීම් ලැබූ දින සිට වසර 03ක් ඉක්මවා යාමට ප්‍රථම පළමු කාර්යක්ෂමතා කඩයිම (1-7 දක්වා මොඩියුල) සමත් විය යුතු අතර වෘත්තීය සමාලෝචනයද සම්පූර්ණ කර තිබිය යුතුය.

2-II සිට 2- I ට උසස්වීම

    1.    වසර 05 කින් උසස්වීම ලබා ගැනීමට

    2.     වසර 07 කින් උසස්වීම ලබා ගැනීමට

    • විද්‍යාපීඨ පුහුණුව හෝ ගුරු පුහුණුව සමග උපාධිය ලද ගුරුවරු
    • උපාධිය සමග පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සමත් ගුරුවරු
    • අධ්‍යාපනවේදී ගුරුවරු

    3.     වසර 09 කින් උසස්වීම් ලබා ගැනීමට

    • විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන්
    • ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන් 
    • උපාධිධාරී ගුරුවරුන්
ඉහත සියළු ගුරුවරුන් 2-II ශ්‍රේණියට උසස්වීම්/පත්වීම් ලබා වසර 04ක් ඉක්මවා යාමට ප්‍රථම දෙවන කාර්යක්ෂමතා කඩයිම (8-14 දක්වා මොඩියුල) සමත් විය යුතු අතර වෘත්තීය සමාලෝචනයද සම්පූර්ණ කර තිබිය යුතුය.


2-I සිට I ට උසස්වීම

මෙම උසස්වීම ලැබීමට 2-I ශ්‍රේණියට උසස්වීම් ලද දින සිට වසර 4ක් ඇතුළත තෙවන කාර්යක්ෂමතා කඩඉම (15 සිට 20 දක්වා මොඩියුල) සමත්වී තිබිය යුතු අතර වෘත්තීය සමාලෝචනයද සම්පූර්ණ කර තිබිය යුතුය.

0 Post a Comment:

Post a Comment