This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

අධ්‍යයන නිවාඩු

 

ගුරු සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය හා රජය පිළිගත් වෙනත් තෘතියික අධ්‍යාපන ආයතනවල දේශීය පාඨමාලාවන් හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු ලබා ගත හැක.

චක්‍රලේඛ අංක 

26/2013

04/2014

31/2017

පිරික්සුම් ලැයිස්තුව මෙතනින් බාගත කරගන්න

01.  අධ්‍යයන නිවාඩු සඳහා පහත ලිපි වල පිටපත් දෙක (02) බැගින් ඉදිරිපත් කළ යුතුය.


1.  අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න 

2.  වෘත්තීය සංවර්ධනයට  අදාළ බව, රාජකාරී ආවරණය ඇතුළත් ඉල්ලීමේ ලිපිය 

      මෙතනින් බාගත කරගන්න

3.   පාඨමාලාව සඳහා තෝරගත් බවට ලිපිය

4.   ස්ථිර පත්වීම් ලිපියේ පිටපත

5.   ගිවිසුම (ආයතන සංග්‍රහයේ 08 වැනි පරිශිෂ්ටය)      [පූර්ණකාලීන පාඨමාලාවක් සඳහා පමණි]

6.   බැඳුම්කරය (ආයතන සංග්‍රහයේ 15 වැනි පරිශිෂ්ටය[පූර්ණකාලීන පාඨමාලාවක් සඳහා පමණි]

 

02. පාඨමාලාවේ විභාගය සඳහා නම් පහත ලිපි වල පිටපත් දෙක බැගින් අවශ්‍ය වේ.


1.  අධ්‍යයන නිවාඩු අයදුම් පත්‍රය මෙතනින් බාගත කරගන්න 

2.  වෘත්තීය සංවර්ධනයට  අදාළ බව, රාජකාරී ආවරණය ඇතුළත් ඉල්ලීමේ ලිපිය 

      මෙතනින් බාගත කරගන්න

3.      පාඨමාලාව සඳහා තෝරගත් බවට ලිපිය 

4.      ස්ථිර පත්වීම් ලිපියේ පිටපත

5.      විභාග කාලසටහන 

6.      පැමිණීමේ සහතිකය (ලද පසු ලබාදීමට කටයුතු කරන්න)


26/2013 චක්‍රලේඛය 04 සහ 05 ඡේද වලට අදාල ව සති අන්ත පාඨමාලා හදාරන නිලධාරීන්ට ලබාදෙන සිකුරාදා හෝ සඳුදා රාජකාරී නිවාඩු සහ දින පාසල් වලට අදාල නිවාඩු අනුමත කිරීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත පවරා ඇත. (මෙතතින් බලන්න)

 

 


ගුරු සේවයෙන් මුදාහැරීම

 ගුරු සේවයේ මුදාහැරීම්





01.) ගුරු තනතුරෙන් රජයේ සේවයේ වෙනත් තනතුරක් සඳහා පත්වීමක් ලබා ගැනීමට ව්ධිමත් පරිදි

මුදා හැරීම සඳහා,

නිලධරයාගේ ඉල්ලීම මත නම්; කාර් ය පටිපාටි රීති 12 වන පරිශිෂ්ටය
රජයේ අවශ්‍යතාව මත නම් ; කාර් ය පටිපාටි රීති 13 වන පරිශිෂ්ටය
රජයේ අවශ්‍යතාව මත නම් ; කාර් ය පටිපාටි රීති 13 වන පරිශිෂ්ටය

දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියා මගින් පත්කිරීමේ බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු

වන්නේය. 


02.) රජයේ සේවයෙන් පරිබාහිර සේවයක් සඳහා මුදා හැරීම.

නිලධරයෙකු රජයේ සේවයෙන් තාවකාලිකව  හෝ සථිරව හෝ පත් කිරීමේ බලධරයා විසින් මුදාහල හැකි අවසථා

  1. පළාත් රාජ්‍ය සේවයට;

  2. ජනාධිපති කාර්යාලයේ තනතුරකට ;

  3. ශ්‍රී ලංකා පාරලිමේන්තුවේ කාර් ය මණ්ඩලයේ තනතුරකට;

  4. පාරලිමේන්තුවේ හෝ පළාත් සභාවක හෝ මහජන නියෝජිතයෙකුගේ පළාත් ආණ්ඩුකාරවරයෙකුගේ හෝ කාර්ය මණ්ඩලයේ අනුමත තනතුරකට;

  5. ස්වේච්චා බල සේනාවක සේවයට;

  6. ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොම්ෂන් සභා පනත යටතේ පත් කරනු ලබන කොම්ෂන් සභාවක හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හෝ වෙනත් යම් නීතියක් යටතේ ස්ථාපිත කොමිෂන් සභාවක සේවයට;

  7. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව ව්සින් පිළිගෙන ඇති රජයේ ව්ශ්වවිද්‍යාලයක තනතුරකට;

  8. රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ තනතුරකට;

  9. දේශීය හෝ ව්දේශීය අරමුදලින් ක්‍රියාත්මක වන රජයේ ව්‍යාපෘතියක තනතුරකට;

  10. රජයට අයත් සමාගමක තනතුරකට;

  11. රජයට 50%කට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි සහ/හෝ පාලන බලය හිමි සමාගමක තනතුරකට;

  12. එක්සත් ජාතීන්ගේ සංව්ධානය ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර් ආණ්ඩු නියෝජිතායතනයක රැකියාවක් භාර ගැනීමට;




         මුදාහැරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන

  1.  ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය.                                     

  1. ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලිපිය හා එම වැඩභාර ගැනීමේ ලිපිය.                                                       

  1.  ගුරු සේවයේ ස්ථිර කිරීමේ ලිපිය                                                         

  1. නව තනතුරේ පත්වීමේ ලිපිය

  1. නව තනතුරේ වැඩභාර ගැනීමේ ලිපිය

  1. නව තනතුරේ වැඩභාර ගැනීමේදී අදාළ පුහුණුවක සහභාගී වී ඇත්නම් එම පුහුණු සහතිකය

  1. නැවත පාසලට පැමිණ වැඩභාරගත් ලොග් සටහන (තාවකාලික මුදාහැරීම් සඳහා)


  1. රජයට අයත් බඩු විධිමත්ව භාරදුන් බවට ලිපිය

  1. විනය පරීක්ෂණ විගණන විමසුම් ඇති/නැති බවට කලාප අධ්‍යක්ෂගේ ලිපිය.

  1. ගුරුසේවයේ අවසන් මස වැටුප්  විස්තරය ( කලාප අධ්‍යාපන කාර්යාලයෙන්
    ලබාගන්නා ලඳ)

  1. කාර් ය පටිපාටික රීති සංග්‍රහය අනුව 12හෝ 13 පරිශිෂ්ටය  

  1. රජයට අයවිය යුතු මුදල් අයකරගෙන ඇති බවට සහතිකය

        (කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබාගන්නා ලද)

  1. මුල්පත්වීම් වෙනත් පළාත් සභාවක නම් දකුණු පළාතට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය

  1. තාවකාලික මුදාහැරීමක් නම් මුදාහරින්නේ වැටුප් රහිතවද සහිතවද යන ලිපිය

  1. තාවකාලික මුදාහැරීමක් නම් අදාල ආයතනයෙන් දෙන ලද මුදාහැරිය යුතු නිශ්චිත කාලවකවානු ඇතුළත් ලිපිය.















ගුරු සේවයේ උසස්වීම්


01. 2008.07.01 සිට ක්‍රියාත්මක නව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වේ.

      පළමු සංශෝධනය

      දෙවන සංශෝධනය

02. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උසස්වීම් ලැබීමට කාර්යක්ෂමතා කඩයිම් සමත්විය යුතුය (මොඩියුල)


  3-1 (), (), () සිට 2-II ශ්‍රේණියට උසස්වීම.

1.     උපාධිධාරී ගුරුවරු

    • වසර 03කින් 2-II ශ්‍රේණියට උසස් විය හැකිය.

2.     විද්‍යාපීඨ/පුහුණු ගුරුවරු - 3-I (ආ)

    • වසර 05 කින් 2-II ශ්‍රේණියට උසස් විය හැකිය.
3.     3-I (ඇ) ශ්‍රේණියට පත්වීම් ලද (HND වැනි) ඩිප්ලෝමාධාරී ගුරුවරු
    • ගුරු පුහුණුව මත 3-I (ආ) ශ්‍රේණියට උසස් විය හැකිය
    • උපාධිය මත 3-I (අ) ශ්‍රේණියට උසස් විය හැකිය
    • අධ්‍යාපන වේදී උපාධිය මත 2-II  ශ්‍රේණියට උසස් විය හැකිය
ඉහත ගුරුවරුන් පත්වීම් ලැබූ දින සිට වසර 03ක් ඉක්මවා යාමට ප්‍රථම පළමු කාර්යක්ෂමතා කඩයිම (1-7 දක්වා මොඩියුල) සමත් විය යුතු අතර වෘත්තීය සමාලෝචනයද සම්පූර්ණ කර තිබිය යුතුය.

2-II සිට 2- I ට උසස්වීම

    1.    වසර 05 කින් උසස්වීම ලබා ගැනීමට

    2.     වසර 07 කින් උසස්වීම ලබා ගැනීමට

    • විද්‍යාපීඨ පුහුණුව හෝ ගුරු පුහුණුව සමග උපාධිය ලද ගුරුවරු
    • උපාධිය සමග පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සමත් ගුරුවරු
    • අධ්‍යාපනවේදී ගුරුවරු

    3.     වසර 09 කින් උසස්වීම් ලබා ගැනීමට

    • විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන්
    • ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන් 
    • උපාධිධාරී ගුරුවරුන්
ඉහත සියළු ගුරුවරුන් 2-II ශ්‍රේණියට උසස්වීම්/පත්වීම් ලබා වසර 04ක් ඉක්මවා යාමට ප්‍රථම දෙවන කාර්යක්ෂමතා කඩයිම (8-14 දක්වා මොඩියුල) සමත් විය යුතු අතර වෘත්තීය සමාලෝචනයද සම්පූර්ණ කර තිබිය යුතුය.


2-I සිට I ට උසස්වීම

මෙම උසස්වීම ලැබීමට 2-I ශ්‍රේණියට උසස්වීම් ලද දින සිට වසර 4ක් ඇතුළත තෙවන කාර්යක්ෂමතා කඩඉම (15 සිට 20 දක්වා මොඩියුල) සමත්වී තිබිය යුතු අතර වෘත්තීය සමාලෝචනයද සම්පූර්ණ කර තිබිය යුතුය.

පැරණි ව්‍යවස්ථාව යටතේ ගුරු සේවයේ උසස්වීම් ලබා දීම

 


2010.12.31 දින දක්වා මෙම ව්‍යවස්ථාවට අනුව උසස්වීම් ලබා දෙන ලදී (2005/42011/30)

1.     3- II  ශ්‍රේණියේ සිට 3 – I ශ්‍රේණියට පත් කිරීම

  •  නුපුහුණු ගුරුවරයෙකු ගුරු පුහුණුව හෝ උපාධි සහතිකය මත 3- I ශ්‍රේණියට පත් කල යුතුය .
  •  3-II  ශ්‍රේණියේ සිට එම සහතිකය ලබා ගන්නා තෙක් කාලය නුපුහුනු කාලයකි. එම නුපුහුනු සේවා කාලය සදහා වසරකට ලකුණු ½ බැගින් උසස්වීම් සදහා ගණනය කල යුතුය  .

              අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.

              පිරික්සුම් ලැයිස්තුව    මෙතනින් බාගත කර ගන්න.

  • ගුරු පුහුණුවක් හෝ උපාධීයක් ලබා නොගත් ගුරුභවතුන්  සදහා වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කල පසු ගුරු සේවයේ  3 – I ශ්‍රේණියට උසස් කල යුතු අතර ,ගුරු සේවයේ  2-II ශ්‍රේණියට උසස්වීමක් ලබා ගැනීමට ගුරු පුහුණුව හෝ උපාධිය ලබා ගත යුතුය.

         අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.

         පිරික්සුම් ලැයිස්තුව   මෙතනින් බාගත කර ගන්න.

 

2.     3-I ශ්‍රේණියේ සිට  2-II ශ්‍රේණියට උසස් කිරීම

  •  වසර 5 න් 2 – II ශ්‍රේණියට උසස් කල හැකිය

          අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.

          පිරික්සුම් ලැයිස්තුව    මෙතනින් බාගත කර ගන්න.

  • 3-1 ශ්‍රෙණියේ සිට 2-11 ශ්‍රේණියට පත් කිරීම ( වසර 5 සම්පූර් වීමට පෙර )

පුහුණු අයකු නම් උපාධිය වලංගු දිනටද ,උපාධි අයකු නම් පශ්චාත් උපාධි ඩිප්ලෝමා වලංගු දිනට හෝ ගුරු පුහුණුව වලංගු වන දිනට  2-11 ශ්‍රේණියට පත් කිරීම කල හැකිය

අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.

පිරික්සුම් ලැයිස්තුව    මෙතනින් බාගත කර ගන්න.

 

3.     2-11 ශ්‍රේණියේ සිට 2-1 ශ්‍රේණියට උසස් කිරීම

  •  2-II ශ්‍රේණියේ වසර 10 සේවා කාලයකින් පසුව 2-I උසස්වීම ලබා දිය හැකිය.උපාධි ගුරුවරයෙකු පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගත් පසු ඒ සදහා ලකුණු 01 ලබා දීමෙන් එනම් වසර 9 න් 2-1 උසස්වීම ලබා දිය හැකිය

          අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.

          පිරික්සුම් ලැයිස්තුව    මෙතනින් බාගත කර ගන්න.

4.     2-I ශ්‍රේණියේ සිට 1 ශ්‍රේණියට උසස් කිරීම

  •  2-I ශ්‍රේණියේ සේවා කාලය වසර 5 න් ගුරු සේවයේ 1 ශ්‍රේණියට  උසස්වීම ලබා දිය හැකිය

             අයදුම්පත මෙතනින් බාගත කර ගන්න.
             පිරික්සුම් ලැයිස්තුව    මෙතනින් බාගත කර ගන්න..

ශ්‍රී ලංකා නව ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රතිෂ්ඨාපනය කිරීම


ශ්‍රී ලංකා ගුරු සේවයට බදවාගනු ලබන සියලුම ගුරුවරුන් 2008.07.01 වන දින  සිට ක්‍රියාත්මක වන   ගුරු සේවා  ව්‍යවස්ථාව අනුව ශ්‍රේණි උසස්වීම් සදහා  කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුයි.

 3-I (අ)(ආ)(ඇ)  සිට 2-II ශ්‍රේණියට උසස්වීම

  •  උපාධිධාරී ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 කින් 2-II ශ්‍රේණියට උසස්විය යුතුය.
  •  විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 5 කින්  2-II ශ්‍රේණියට උසස් විය යුතුය.
    • 3-I (ඇ) ශ්‍රේණියේ පත්වීම් ලද ඩිප්ලෝමාධාරී ( HND වැනි ) ගුරුභවතුන් 2-II උසස් වීම සඳහා උපාධිය  හෝ ගුරු පුහුණුව අනිවාර්ය වේ.

  ඉහත ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 ක් ඉක්ම යාමට පෙර 1කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුය.

#මොඩියුල1 සිට 7 දක්වා හැදෑරීම අවශ්‍ය ය.

පළමු කාර්යක්ෂමතා කඩඉම මොඩියුල 01-07

මොඩියුල 01 - ආයතන සංග්‍රහයේ  ගුරුවරයෙකුට අදාළ මූලික කරුණු හා රාජ්‍ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණු හා මුදල් රෙගුලාසිවල සරල කරුණු (සවිස්තරව විෂය අන්තර්ගතව සකස් කෙරේ)

මොඩියුල 02 - ගුරු ආචාර ධර්ම

මොඩියුල 03 - පන්ති කාමර කළමණාකරණය හා සිසුන් හඳුනා ගැනීම

මොඩියුල 04 - ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම (ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුළුව)

මොඩියුල 05 - දින සටහන් සති සටහන් වාර සටහන් හා පාඩම් සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම

මොඩියුල 06 - ඵලදායීතා හා තත්ත්ව ශිල්ප ක්‍රම

මොඩියුල 07 - අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය


  2-IIසිට 2-Iශ්‍රේණියට උසස්වීම

   2-II සිට 2-I ශ්‍රේණියට උසස්වීම ගුරුවරයා ලබාගෙන ඇති අධ්‍යාපන සුදුසුකම් හෝ ගුරු පුහුණු මත උසස් වීමට සුදුසුකම් ලබන වසර ගණන වෙනස් වේ.

ඒ අනුව පහත සඳහන් සුදුසුකම් ලැබු ගුරු භවතුන් වසර 09කින් 2-I ශ්‍රේණියට උසස්විය හැකිය.

  • විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් 
  • ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන්
  • ඩිප්ලෝමාධාරී ( HND වැනි ) ගුරුවරුන්
  • උපාධිධාරී ගුරුවරුන්

  එසේම පහත සුදුසුකම් ලැබූ ගුරුභවතුන්ට වසර 07කින් 2-I ශ්‍රේණියට උසස් වීම් ලැබීමට සුදුසුකම් ලබයි.

  •  උපාධිය ලැබු  පුහුණු ගුරුවරුන් (විද්‍යා පීඨ හෝ  ගුරු පුහුණු )
  • උපාධිය  සමග පශ්චාත්  උපාධි අධ්‍යාපන  ඩිප්ලෝමා සමත්  ගුරුවරුන්
  • අධ්‍යාපනවේදී  උපාධි ගුරුවරුන් 

  එසේ නැතහොත් පහත සුදුසුකම් මත ඍජුවම ගුරු සේවයට බඳවාගත් ගුරු භවතුන් වසර 05 කින් 2-I ශ්‍රේණියට උසස් වීම් ලද හැකිය.

  • ප්‍රථම උපාධිය  සමඟ පශ්චාත්  උපාධි අධ්‍යාපන  ඩිප්ලෝමා සමත් ගුරුවරුන්
  • පශ්චාත් උපාධිය සමඟ ගුරු  පුහුණුව ලැබූ ගුරුවරුන් 

 ඉහත  සියඑ ගුරුවරුන්    2-I ශ්‍රේණිට  උසස්වීම් ලැබූ  දින සිට වසර 4 ක් ඉක්ම යාමට පෙර 2 කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය .

මොඩියුල 8 සිට 14දක්වා හැදෑරීම අවශ්‍ය ය.

දෙවන කාර්යක්ෂමතා කඩයිම මොඩියුල 08-14

මොඩියුල 08 - අධ්‍යාපනයට සම්බන්ධ අණ පනත් හා අධ්‍යාපන ඉතිහාසය

මොඩියුල 09 - ව්‍යවහාරික ඉංග්‍රීසි

මොඩියුල 10 - විෂය සමගාමී ක්‍රියාකාරකම් හා පාසල් ව්‍යාපෘති

මොඩියුල 11 - කාර්යාල ක්‍රම හා අනෙකුත් ආයතන සමග සන්නිවේදන සබඳතා පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ කළමනාකරණ තීරණ ගැනීම

මොඩියුල 12 - ළමා සෞඛ්‍ය හා පෝෂණය

මොඩියුල 13 - ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන දැනුම

මොඩියුල 14 - මනෝවිද්‍යා උපදේශනය


2 පන්තිය II ශ්‍රේණියට සෘජුව බඳවාගත් ගුරුවරුන් සඳහා පළමු කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය 

මොඩියුල 01 - ආයතන සංග්‍රහයේ  ගුරුවරයෙකුට අදාළ මූලික කරුණු හා රාජ්‍ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණු හා මුදල් රෙගුලාසිවල සරල කරුණු (සවිස්තරව විෂය අන්තර්ගතව සකස් කෙරේ) සහ ගුරු ආචාර ධර්ම

මොඩියුල 02 - ඵලදායීතා හා තත්ත්ව ශිල්ප ක්‍රම

මොඩියුල 03 - අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය, පන්ති කාමර කළමණාකරණය හා සිසුන් හඳුනා ගැනීම

මොඩියුල 04 - ව්‍යවහාරික ඉංග්‍රීසි

මොඩියුල 05 - දින සටහන් සති සටහන් වාර සටහන් හා පාඩම් සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම

මොඩියුල 06 - ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම (ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුළුව)

මොඩියුල 07 - කාර්යාල ක්‍රම හා අනෙකුත් ආයතන සමග සන්නිවේදන සබඳතා පැවැත්වීමේදී අනුගදනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ කළමනාකරණ තීරණ ගැනීම


2-I සිට  1 පන්තියට උසස්වීම

ඕනෑම වර්ගයක ගුරුවරුන් 2-I ශ්‍රේණියේ සිට වසර 6 ක සේවා කාලය සම්පූර්ණ  කළ පසු 1 ශ්‍රේණියට  උසස්  විය යුතුය.

එම ගුරුවරුන් තුන්වන III කාර්යක්ෂමතා කඩඉම 2- I ශ්‍රේණියට පත් වී වසර 4 ඉක්ම යාමට පෙර සම්පූර්ණ කළ යුතුය

 #මොඩියුල අංක 15 සිට 20 දක්වා මොඩියුල  6 හැදෑරීම අවශ්‍ය ය.

තෙවන කාර්යක්ෂමතා කඩඉම මොඩියුල 15-20

 මොඩියුල 15 - අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පවතින සංවිධාන ව්‍යූහය, ඒ සඳහා සබඳතා පැවැත්වීම,උසස් අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය

මොඩියුල 16 - පර්යේෂණ ඇගයීම් හා පර්යේෂණ ක්‍රම

මොඩියුල 17 - අන්තර්පුද්ගල සබඳතා හා ආකල්ප කුසලතා සංවර්ධනය

මොඩියුල 18 - මානව සම්පත් කළමනාකරණය

මොඩියුල 19 - නොවිදිමත් අධ්‍යාපනය හා මෘදු කුසලතා

මොඩියුල 20 - කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය

මොඩියුල හැදෑරීම සඳහා ඔබ කුමක් කළ යුතු ද?

  • පළාත පුරා විසිරි ඇති ගුරු මධ්‍යස්ථාන හරහා මෙම කාර්යක්ෂමතාවයට අදාල මොඩියුල ක්‍රියාත්මක කෙරේ.
  • සෑම  මොඩියුලයක්ම දින තුනක් සහ සැසි පහක් වශයෙන් පැවැත්වෙයි .
  • එක් එක් මොඩියුලය අවසානයේ ඇගයීමක් සිදුකරයි
  • එක් එක් මොඩියුලය සදහා    සහතික පත්‍රයක් බැගින් හිමිවේ .
  • එම සහතික පත්‍ර 7 ම එක් කරගත් පසු කාර්යක්ෂමතා කඩඉම සමත් බවට ඔබට එක් සහතික පත්‍රයක්  අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දෙනු ලැබේ.
  • එම සහතික පත්‍ර ගුරු මධ්‍යස්ථානවලට ලැබුණු පසුව ඔබට ලබා දෙනු ඇත
  • කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සඳහා ඔබගේ කලාපයට අයත් ගුරු මධ්‍යස්ථානයට ඔබගේ තොරතුරු ලබා දී එහි ලියාපදිංචි වන්න.
  • ඉන්  පසු  ගුරු මධ්‍යස්ථානයේ  කැඳවීම් මත කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සඳහා සහභාගි විය හැක.
  • කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සඳහා ඔබ ලියාපදිංචි විය යුත්තේ ඔබේ කලාපයට අයත් ගුරු මධ්‍යස්ථානයේ බව කාරුණිකව සලකන්න .
  • කලාප කාර්යාලවල මෙම ලියා පදිංචි කිරීම්හා පුහුණු කටයුතු සිදු නොකෙරෙනු ඇත.
  • ගුරු මධ්‍යස්ථානයේ  ලියාපදිංචි වී නැත්නම් මොඩියුල   සඳහා ඔබට කැඳවීමක්  නොකෙරෙනු ඇත .
  • කලාප කාර්යාලය මගින් කැද වන තෙක් බලා නොසිට ගුරු මධ්‍යස්ථානයකට යන්න.කලාප කාර්යාල මේ සඳහා ඔබ කැඳවන්නේ නැත.
  • 2022. 10. 22 වන දින දක්වා ගුරු සේවයේ උසස්වීම් ලැබීමට නියමිත ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම සමත් වීම අවශ්‍ය නොවනු ඇත.
  • නමුත් ,
  • 2021.10.23 න් පසු ශ්‍රේණි උසස්වීම් ලැබීමට නියමිත ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම සමත් වීමට සිදුවනු ඇත.
  • එබැවින් ඔබගේ ගුරු මධ්‍යස්ථානයට ඔබේ  තොරතුරු නොපමාව ලබාදෙන්න .
  • මොඩියුල හැදෑරීම සඳහා නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර  ඔබට අදාළ ගුරු මධ්‍යස්ථානයෙන් කැඳවීමක් ලැබෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛ අංක 35/2014

මෙතනින් බලන්න_ 

·        
         අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛ අංක 35/2014(1) පළමුවන සංශෝධනය

මෙතනින් බලන්න_


‍2008.07.01 දින සිට ක්‍රියාත්මක වේ.

එදිනට ලබමින් සිටි ශ්‍රේණියට අනුව පහත පරිදි ශ්‍රී ලංකා නව ගුරු සේවා ව්‍යවස්ථාව යටතේ අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න.

පිරික්සුම් ලැයිස්තුව මෙතනින් බාගත කරගන්න.